Friday, December 10, 2010



















මම නුඹව අහසටද පොළවටද උපමා කරන්නේ?
විටෙක නුඹ අහස මෙන් කඳුළු වරුසා වගුරුවයි.
තව විටෙක නුඹ පොළව මෙන් නිහඬව හිඳියි.
අහස මෙන්ම පොළවත් නපුරු බව මම දනිමි.
නුඹත් ඒ වගේමය..
එමෙන්ම අහසත් පොළවත් මා දමා නොයයි..
ඉතින් නුඹ අහසද? පොළවද?
නැති නම් අහස පොළව මෙන්ම
ඉමක් කොනක් නොපෙනෙන
සෙනෙහසක් හෙබි ඒ අපූරු මිනිසාද?

Wednesday, November 17, 2010

නෙතු යුග.....

                          දස දහසක් නෙතු අතරින්
                          මං දුටුවා ඔය නෙතු යුග
                          අහම්බෙන්ම ළඟට ඇවිත්
                          මගේ සිතත් අරගෙන ගිය.. 

                          නිවසට ආ මොහොතේ සිට
                          මං සිතුවා ඔය නෙතු ගැන
                          මගෙ නෙතු කඳුලින් තෙමුනා
                          සිහිවී නුඹෙ ඔය නෙතු යුග..
                          වැඩිකල් යන්නත් මත්තෙන්
                          මගේම විය ඒ නෙතු යුග
                          දැන් ඒ නෙතු මාගේමයි
                          දෙවියනි මෙය සිහිනයක්ද?
                          ජීවිතයම වෙනස් කරපු ඒ දෙනෙතෙහි
                          හිමිකරුවා ඔහු මිස අන් කිසිවකු නොව....

Wednesday, October 13, 2010

             සුළු මොහොතකින්
          ප්‍රේමයක් දෙදරා
           යැවීමට සමත්,
        ඇසීමට ප්‍රියක් නැති
           මසිත මෙන්ම
      ඒ දයාබර සිතත් හැඞවූ,
   මහා පෙරලියක් කිරීමට හැකි
       ඒ පව්කාර සිතුවිල්ල
        අන් කිසිත් නොව
             සැකය" යි...

Monday, October 11, 2010

ඔබ නිදහස් සමනළයෙකි දසත ඉගිලෙනා
මලින් මලට ඉගිලී ගොස් දඟ කම් පානා
මා රෝස මලකි ඔබගේ මල් ගොමුවේ සිටිනා
සෑම මලකටම වැඩියෙන් ඔබ ගැන සිතනා...

මලින් මලට ඉගිලී ගොස් දොඩමළු වෙයි ඔබ
එවිට දුකක් දැනුනත් මට එය නොදනියි ඔබ
මා කෙතරම් හැඞුවත් මා දෙස නොබලයි ඔබ
මේ තරම්ම නපුරු වුනේ කෙලෙසකදෝ ඔබ...


ඔබ මෙන් පියඹා යාමට මම තටු නොමලදිමි
ඔබ යන මග කෙටි බව මා හොඳහැටි දනිමි
තටු හකුලා මා වෙත එන බව මම දනිමි
එදින එන තුරා මා නම් අතැඟිලි ගණිමි...

Thursday, September 2, 2010

දුක් ගින්න ඉවසන්නේ කොහොමද මෙමන්
මං දාලා ඔබ දැන් බෝ දුර ගිහින්
අපි මවපු හීනේ තනිවී මෙමන්
ඉන්නම් සදාකල් මග බලමින්..

සංසාරේ පුරාවට ඉන්නම් කියා
අද ඉන්න හැකිදෝ ඉතින් වෙන් වෙලා
කිසිදා නාවත් යලි මා සොයා
ඉන්නම් සදා මං පෙරමග බලා..

මට හිමි නොවුනත් ඔබ යලි කිසිදා
පෙරුමන් පුරන්නෙමි ඔබෙ වන්න සදා
ඉවසන්නම් ඉතින් මං මියෙන තුරා
මතු සසරෙදිවත් ඔබෙ වන්න සිතා..

Monday, August 30, 2010

කාලයාගේ ඇවෑමෙන්
ඇසළ මස උදාවත් සමඟම
වසර ගණනාවක් පුරා
හදවතේ රැඳි සිටි ඔබ
මට හිමි විය..
එහෙත්,,,,,
වසර කීපයකට ඉහත දී
මා ලුහු බැඳ ආ මරණය
නැවතත් මා රැගෙන යාමට
තැත් කරයි..
අනේ මා කොයි තරම් අවසනාවන්තද?
සැමදා ඔබ පෙම් කරනා මගේ සිනහව
අවසන් සුසුම තෙක් ම මම රැක ගනිමි..
අනේ දෙවියනේ ඒ ජීවිතය
වෙනුවෙන් මට ජීවත් වීමට වරම් දෙන්න...
********************************

Saturday, August 21, 2010

ජීවිතය නම්


ජීවිතය නම්
අනේක විද දුක් කම්කටොළු
නිරන්තර ඇති මාවතේ
සතුට නම් වන
නවාතැන් පිරි
තෙරක් නොපෙනෙන
මහා ගමනකි...
ජීවිතය නම්
හුදෙක් එය දුකද නොමවේ
සතුට සැනසුමද නොමවේ
ස්වභාව ධර්මයාගේ
අසීමිත ශක්තියෙන්
නිමැවුණු තවත්
අපූර්ව නිර්මාණයකි....
**************
**************
 

Tuesday, June 1, 2010

කිමද දෙවියනේ ඔබ
මේ තරම් ඉක්මනින්
ඔහුව අපගෙන්
බොහෝ ඈතට ගෙන ගියේ??
 

ජීවිතයේ අනියත බව අපට කියා දී අපෙන් සමුගත් දයාබර මිතුර සජිත් ඔබට නිවන් සැප...

Thursday, May 27, 2010

දුකක් දැනුනා

දුකක් දැනුනා
වෙන්ව ගියදා
ඔබ යලිත් මගෙ
නොවෙන හින්දා...
දුකක් දැනුනා
ඔබ යලි දුටුව දා
ඇය ඔබේ ළඟ
සිටිය හින්දා...
දුකක් දැනුනා
ඔබ යලි පැමිණි දා
ඔහු ට දුක් දෙනු
නොහැකි හින්දා...
අනේ මට ලොකු දුකක් දැනුනා
ඔබ ලොවෙන් සමු අරන් ගියදා
යලිත් කිසිදිනක ඔබ මගෙ
දෙනෙත් ළඟ නොරැදෙනා හින්දා...

Friday, April 30, 2010

අහසට පෙම් බඳිමි
නොලැබෙනා බව
දැනුනත්
සඳ කිරණ වත්
මට ලැබෙනවා
යැයි සිතා..
එහෙත් අමාවක
වැඩි දුරක නොවේ තව..
අමාවක පැමිණි කල
අහිමි වේවි සඳ කිරණද මට,
අනේ මට සිදුවේවි
කෑ ගසා හඞන්නට
බලා හිස් අහස දෙස...

Friday, April 23, 2010

මිනිසුන් අතරේ මිනිසත්කම සැගව ගොසින් යැයි කලෙක මට සිතුනි,,
මා ද මිනිසත් බව යැයි කියා
මිරිගුවකට රැවටුනෙමි..
ඒ මිරිගුව ඔබය...
ඔබ සමාජය ඉදිරියේ ධාර්මික
මිනිසකු වුවත් ඔබ බෙහෙවින්
කුරිරු හදවතක් ඇති මිනිසෙකි,
අවසානයේ මා තනි වුනි....
නමුත්,,, ටික කලකට ඉහතදී
නොසිතූ ලෙස මිනිසුන් අතරේ
මිනිසත් කමින් පිරුණු කාරුණික හදවතක්
ඇති ඒ මිනිසා මට මුණගැසුනි..
ඔබ වෙනු වෙන් මා කඳුලු හෙලනා විට
මගේ ළගින් හුන් එකම මිනිසා ඔහුය..
අද මම හදවතින්ම සතුටු වෙමි,
ඒ ඔබව මාගේ මතකයටවත්
නොනැගෙන නිසාවෙනි...

ඔබ වෙනුවෙන්

මං දිහා දුර ඉඳන් බලා ඉඳ
සතුටු වෙච්ච ඔයා
අව්රුදු ගණනකට යලි
නොඑන්නම යන්න ගියා..
අපි නෙතින් නොදකිනා
දුරක සිටියත්,කටහඬවත්
අසන්නට නොහැකි වුවත්
අපේ හදවත් වල තියෙන
බැඳීම එහෙම්ම තියේවි..
මං බලා ඉන්නම් ඔයා
එන දවසට ඔයාව
පිළිගන්න,,
ඔයා මං ගැන දැකපු
හැම සිහිනයක්ම සැබෑ කරන්...




< මග බලා සිටින මෙවැනි අය වෙනුවෙන්.. >

Tuesday, April 13, 2010

දයාව,

ආදරය පුරවාගත් සිතින්
විරහව හා කඳුල ද සමගින්
ගිරිදුර්ග පසු කර
බොහෝ දුර ගෙවා
කෂේම භූමියකට
පා තැබුවෙමි...
එහෙත්
යාමට එවන් දුරක්ම
තවත් ඉතිරිව ඇත
නිසි අරමුණක් ඇතිව
මා බලාපොරොත්තු වන
ඉලක්කය කරා,
ඉතාම විමසිල්ලෙන්
ගල් මුල් වලින් බේරී
යෝධයන් ලෙස
වෙස් වලාගෙන සිටින
හිස් මිනිසුන්ගේ
සත්‍යයක් නොමැති
චෝදනා අතරින්
ගමන් කල යුතුය මම...

Wednesday, April 7, 2010


මට "සිනහව" ඕනි,
ඔයා යන්න
මගෙ ළගට යලි නොඑන්නම.
මටත් ජීවතේ දිනා ගන්න තියෙන
එකම දේ ඔයා නෙමෙයි,
ඔයා මාව තනි නොකළත්
මට ඔයාගෙන් ලැබුනෙ
දුකක් විතරමයි.....
ඉතින් මගෙ ආදරණීය
"කඳුල"
මගෙන් ඈතටම යන්න,,
මම "සිනහවට" ළං වෙන්නම්
මට ජීවත් වෙන්න ඕනි,
ඉතින් "කඳුල"
දැන් මගෙන් සමුගන්න....

Thursday, March 25, 2010

"කඳුල"

සිනහව අතර තුර හැමදාම
මට උරුම වූ
ඔබට කිසිදින මා නොදුන්
නමුත් ඔබ මට නොඅඩුව
ලබා දුන්
"කඳුල"
ඔබේ නෙතටත් ගලා ඒවි
කවදා හෝ දිනයක,,
එදාට ඔබටත් දැනේවි
ඔබ බිඳක් වත් නොසිතන
කඳුලක වටිනාකම,
ඔබ සිහිනයෙන් වත් නොපතන
ඒ කඳුලේ වේදනාව,
කොතරම් දැයි කියා...

Monday, March 22, 2010

මගේ පුංචි සමනලී
මා තනිකර යන්න ගිහින්
මගේ සමනලී..

ඔබගේ තනියට නිරතුරු
ඔබ ළග ඉන්නම් යැයි
පැවසූ නුඹ අද මා
හැරදමා ගිහින්..

මට නුඹ පෙම් කරපු තරම
හදුනා සිටියෙමි මං
සමාවෙන්න සමනලියේ
පමා වුනා මං
නුඹට ආදරේ කියන්න
පමා වුනා මං...

නැත කිසිදින අප කවුරුත්
මෙලෙසින් පැතුවේ
කිමද සමනලියෙ නුඹ
දෙව් ලොවට පියැඹුවේ..
කිමද සමනලියේ නුඹ
මා මෙලෙස හැඞෙව්වේ..

Thursday, March 18, 2010

අහසේ පායන්නේ එක සඳයි
තරු කොච්චර තිබුනත්
අහස ආදරේ කරන්නේ ඒ සඳට
අහස ලස්සන වුනෙත් සඳ නිසයි..
ඒත් අහසෙ හිරුත් ඉන්නවා,
සඳ හිරුට වඞා හුගක් අහිංසකයි..
අනේ.අහස හුගක් අසරණයි
සඳට තියෙන ආදරේ නිසාම
අහස හිරුටත් පායන්න ඉඞදෙනවා
ඒ අහස එහෙම නොකලොත්
අහසට සඳ හැමදාටම

අහිමි වෙන නිසා,,,

Friday, March 12, 2010

අදත් අපි කතා කළා
එදා වගේම මං ගිරවියෙක්
වගේ කියෙව්වා
ඔයා කලේ මගෙ ඇස් දිහා
බලාගෙන ඉඳපු එක විතරයි,
අපි සමුගනිද්දි අදත්
ඔයා මගේ හිස අත ගාලා කිව්වා
පරිස්මින් ඉන්න කියලා
මගෙ ඇස් ඉබේම පියැවුනේ
මට එදා වගේම ඔයාගෙ
ආදරේ දැනුන නිසා,,
මම ඇස් ඇරලා බලද්දී
ඔයා යන්නත් ගිහින්,,
කාලය හැමදේම වෙනස් කරලා
අපි දෙන්නට අන්තිමට
ඉතුරු වුනේ අපේ යාලුකම
විතරයි.....

Thursday, March 11, 2010

ඔය හසරැල්ල සගවන්නෙපා කිසිදිනයක
දනිමි නමුත් එය මට හිමි නැති බව
අහිමි වුනත් ඔබ මා හට හැමදින
අයිතිය දෙනු මැන එක හසැල්ලක..

හඬනු එපා ඔබ නම් කිසිදිනයක
විඳිනු එපා විරහව කිසිදිනයක
දිවිහිමියෙන් පෙම් කර ඔබ ඇය හට
වටහා ගනු මැන පෙමක සොදුරු බව..

මම නික්මී යමි ඔබගෙන් ඈතට
පැතුමන් පමණක් හදෙහි තබාගෙන
අවැසි වුනොත් යලි මගෙ මේ සෙනෙහස
පැමිණ බලනු මම බලා හිදිමි මග..

Wednesday, March 10, 2010

මම බලාභිඳිමි....

පැතුම් පොකුරක් පොදි බැඳන්

සිටි මොහොතක එකවරම

මගෙන් දුරස් වුන ඔබ

ජීවිතයේ කවදා කෙලෙස

යලි ළං වේවි දැයි මම

නොදනිමි...

එහෙත් මම කදුලැලි ඉවසමින්

බලාහිදිනෙමි

ඔබ මට අහිමි කළ සිනහව රැගෙන

යලිත් මා ළගට එනතෙක්..

Tuesday, March 9, 2010



  ඔබ ආදරේ කරන
මේ පුංචි රෝස මල
ජීවිතෙන් සමුගන්න
ළං වෙනවා ටිකෙන් ටික..
සමුගන්න මත්තෙන්
එක වරක් පවසන්න
මා ඔබේ රෝස මල
කියාලා සදහටම....

කදුලක වේදනාව
දැනෙනවා නම් ඔබට
කිසිදිනක කදුලැලි
නොදෙනු ඇත ඔබ මට
එදා ඔබ ආස කළ
මගේ ඒ සිනහව
ආයෙමත් ගෙන එන්න
දුක දරාගෙන මෙමන්
බලා ඉන්නම් ඉතින්
යලිත් එනතුරා ඔබ
ආදරෙයි කියා මට...

විටෙක මා ළග සිටින
තව විටෙක දුරක යන
නිරතුරුව කඳුලු දෙන
සිනහවද ගෙනත් දෙන
සිතින් මා ළග සිටින
නමුදු ඈතක සිටින
යටි හිතේ සැරිසරන
ලොවෙන් සැගවී සිටින
සිහිනයයි ඔබ මගේ..

Monday, March 8, 2010

ඉපදුන දවසෙ ඉදන් අද වෙනකල් මාව බලගන්නේ
මගෙ ආච්චි අම්මා..
ආච්චි අම්මේ මම ඔබට ණයගැතියි,,
ජීවිතේ ගැන මුකුත්ම නොදෙන හිටිය මට,
හැමදේම කියලා දීලා මගේ ළගින්ම ඉන්නේ
මගේ අම්මා..
මගෙ රත්තරන් අම්මේ ඔබ නොසිටියා නම්
මෙලහටත් මා ජීවිතය වරද්ද ගෙනය,,
මගේ ජිවිතයට ශක්තියක් වී නිරතුරුවම
මගේ ළගින් සිටින මගේ තාත්තේ
ඔබ මගේ ජීවිතයේ හිරු කිරනයි,,
දුර රටක හිටියත් නිරතුරුවම
මගෙ දුක සැප බෙද ගන්න,
මිතුරන් දෙදෙනෙකු මෙන්
ජීවිතයේ හරි වැරදි කියා දෙන
මගේ දයාබර සොහොයුරනි
ඔබ දෙදෙන මගෙ දෙනෙත් යුග හා සමයි,,,

මට මෙහෙම ලියන්න උදව් කරන්නේ ගෙහන් අය්යා.. මම ලියපුවා දැකලා මට මෙහෙම දෙයක් පටන් ගන්න කියලා දුන්නෙ එයා තමය්.. අය්යා මට මේක පටන් ගන්න උදව් කලාට ගොඩාක් පින්...

;;
Powered by Blogger.