Tuesday, April 13, 2010

ගමන් කල යුතුය මම...

දයාව,

ආදරය පුරවාගත් සිතින්
විරහව හා කඳුල ද සමගින්
ගිරිදුර්ග පසු කර
බොහෝ දුර ගෙවා
කෂේම භූමියකට
පා තැබුවෙමි...
එහෙත්
යාමට එවන් දුරක්ම
තවත් ඉතිරිව ඇත
නිසි අරමුණක් ඇතිව
මා බලාපොරොත්තු වන
ඉලක්කය කරා,
ඉතාම විමසිල්ලෙන්
ගල් මුල් වලින් බේරී
යෝධයන් ලෙස
වෙස් වලාගෙන සිටින
හිස් මිනිසුන්ගේ
සත්‍යයක් නොමැති
චෝදනා අතරින්
ගමන් කල යුතුය මම...

1 Comment:

  1. මුදිත නිශ්ශංක said...
    ජිවිතේ යමක් දිනන්න අවශ්‍ය වූ විට
    මුලින්ම
    ඔබේ හදවතට සවන් දෙන්න
    එයින් හඬක් නොනැගේ නම්
    දෙනෙත් පියා දෙමව්පියන් සිහිකරන්න
    හැම බාධකයක්ම බිඳී යාවි
    දිනුම ඔබේම වේවි.............

Post a Comment



Powered by Blogger.