Monday, February 28, 2011

ඔබේ දෑසම අන්ධ වූවොත්
මගේ දෙනෙතින් ඇසක් දෙන්නම්
අපේ ආදරයේ නමින්..
එහෙම දීලා
එක ඇසින් විතරක්
ලෝකය දිහා මං බලන්නම්..

Saturday, February 19, 2011

ඔබේ ආදරයත්
බෝ මළුව කෙලවර දිලෙන

මැටි පහන් වැට වගෙයි...
මගේ අසරණ,අහිංසක
හිත පුරා විහිදුන පිවිතුරු
ආලෝකය ඔබේ ආදරයයි...
ඉතින්,
බෝ මළුවේ දිලෙන
පහන් වැටිය කවදා හෝ නිවී යනවා
මෙන්ම
ඔබේ ආදරයත් දෛවයේ
කුණාටුවකින් කවදා හෝ නිවී යාවිද????

;;
Powered by Blogger.