Wednesday, April 7, 2010

මගෙන් ඈතටම යන්න,,


මට "සිනහව" ඕනි,
ඔයා යන්න
මගෙ ළගට යලි නොඑන්නම.
මටත් ජීවතේ දිනා ගන්න තියෙන
එකම දේ ඔයා නෙමෙයි,
ඔයා මාව තනි නොකළත්
මට ඔයාගෙන් ලැබුනෙ
දුකක් විතරමයි.....
ඉතින් මගෙ ආදරණීය
"කඳුල"
මගෙන් ඈතටම යන්න,,
මම "සිනහවට" ළං වෙන්නම්
මට ජීවත් වෙන්න ඕනි,
ඉතින් "කඳුල"
දැන් මගෙන් සමුගන්න....

6 Comments:

  1. Anonymous said...
    ජීවිතේ දුකට වාගේම සතුට‍ටත් කදුලු වැටෙනවා නේද?
    "ජිවිතය කවියක් ආදරේ එහි සොදුරුතම වදනක්..
    හසරැලි පොදක් කදුලැලි බිදක් එකට එක් වූ විටදි දැනේ
    පෙර නොවිදි රසයක්....."
    එහෙම කීවේ ගජමන් නෝනා නාට්‍යයෙදි නන්දා මාලිනී මහත්මිය....
    Raven said...
    කඳුලට යන්නම කියන්න හොඳ නෑ. කඳුලත් පොඩ්ඩක් තියෙන්න ඕනෙ සතුටෙ රහ වැඩියෙන් දැනෙන්න නම්.
    ලස්සනයි.
    dakshika said...
    මන් හිතන්නෙත් රවෙන් හරි. දුක නැති උනාම සතුටේ අගය දැනෙන්නෙ නැතිව යන්න පුලුවන්
    ~ChAnDiKa~ said...
    මං හිතන්නෙත් කදුල නැති තැනක සතුටට අගයකුත් නෑ.. අපේ ඇස් වලින් කදුලු වැටෙන්නෙ දුකටම විතරක් නෙමෙයිනෙ... සතුටටත් කදුලු වැටෙනවා.. එ නිසා කදුලුත් ඕන...
    උපේක්ෂා... said...
    @ punchisamanale,raven අයියා,කරුමක්කාරයා & gehan අයියා: සතුටට වුනත් මට කඳුලක් එපා..මම කඳුල නිසා හුගක් දුක් වින්දා,මගෙ කඳුලු නිසා මගෙ සිනහව දැකලා සතුටු වෙච්ච,ඉපදුන දවසෙ සිටම මගෙ ළග ඉඳපු මගෙම අය හුගක් විඳෙව්වා,මම "කඳුලට" යන්න කියන්නේ සතුටෙදිවත් මට කඳුලු ඕනි නැති නිසා..මේ "කඳුල" යෞවනයේ ආදරය,විරහව නිසා වැටුන කඳුලු,ඒකයි යන්න කියන්නේ,,
    Anonymous said...
    එහෙනම් කඳුලට යන්නන් දෙන්න. ඒත් සතුටෙදි උනන කඳුලු බර නැහැ. එව්ව වලක්වන්න හදන්න එපා.

Post a Comment



Powered by Blogger.