Friday, April 30, 2010

අහසට පෙම් බඳිමි

අහසට පෙම් බඳිමි
නොලැබෙනා බව
දැනුනත්
සඳ කිරණ වත්
මට ලැබෙනවා
යැයි සිතා..
එහෙත් අමාවක
වැඩි දුරක නොවේ තව..
අමාවක පැමිණි කල
අහිමි වේවි සඳ කිරණද මට,
අනේ මට සිදුවේවි
කෑ ගසා හඞන්නට
බලා හිස් අහස දෙස...

6 Comments:

  1. බිඟූ said...
    එපා........
    එතකොට අපි කොහොමද තරුවලට ආදරය කරන්නේ....
    උපේක්ෂා... said...
    @ බිගුවා: ඒ ඇයි?? මට වැටහුනේ නෑ අයියේ....
    Naya said...
    අමාවකෙන් පස්සෙ ආපහු සඳ මෝදු වෙනවා...(කවිය ලස්සනයි...)
    උපේක්ෂා... said...
    @ naya: ස්තූතියි.. ඔව් ඒත් අමාවකේ සඳ හැංගිලා යනවට මං බයයි.
    Raven said...
    කුඩා එළි බිඳක් වත් විඳින්නට නැතිවීම දුකක් තමයි. වේදනාබර මතකයන් නම් ඉතිරි වේවි අවසන. හිතට දැණුනු නිර්මාණයක්.
    උපේක්ෂා... said...
    සතූතියි Raven අයියේ...

Post a Comment



Powered by Blogger.