Tuesday, March 9, 2010

සිහිනයයි ඔබ මගේ..

විටෙක මා ළග සිටින
තව විටෙක දුරක යන
නිරතුරුව කඳුලු දෙන
සිනහවද ගෙනත් දෙන
සිතින් මා ළග සිටින
නමුදු ඈතක සිටින
යටි හිතේ සැරිසරන
ලොවෙන් සැගවී සිටින
සිහිනයයි ඔබ මගේ..

3 Comments:

  1. බිඟූ said...
    ලස්සන ගැඟුමක්.
    ඒත් මොකද්ද මට නොතේරෙන කෑල්ලකුත් තියෙනවා කියලා හිතෙනවා.
    අනේ මංදා...

    /බිඟුවා...!
    උපේක්ෂා... said...
    ම්ම්ම්....මේ මං ලබන ආදරේ..........
    Anonymous said...
    මම විඳින ආදරෙත් ඔය වගේමයි අක්කෙ....

Post a Comment



Powered by Blogger.