Thursday, March 11, 2010

ඔය හසරැල්ල සගවන්නෙපා කිසිදිනයක
දනිමි නමුත් එය මට හිමි නැති බව
අහිමි වුනත් ඔබ මා හට හැමදින
අයිතිය දෙනු මැන එක හසැල්ලක..

හඬනු එපා ඔබ නම් කිසිදිනයක
විඳිනු එපා විරහව කිසිදිනයක
දිවිහිමියෙන් පෙම් කර ඔබ ඇය හට
වටහා ගනු මැන පෙමක සොදුරු බව..

මම නික්මී යමි ඔබගෙන් ඈතට
පැතුමන් පමණක් හදෙහි තබාගෙන
අවැසි වුනොත් යලි මගෙ මේ සෙනෙහස
පැමිණ බලනු මම බලා හිදිමි මග..

4 Comments:

  1. උපේක්ෂා... said...
    හැමදාම තවත් කෙනෙක් වෙනුවෙන් බලා ඉන්න අය වෙනුවෙන්...
    Anjula Malshan said...
    අහා !! එ කියන්නේ අපිටනේ බොලෙ ලියලා තියෙන්නේ....බොහෝම ලස්සනට පද ටික නම් ගලපල තියෙනවා....
    පිස්සා පලාමල්ල said...
    ලස්සනයි..
    උපේක්ෂා... said...
    @ mal & Pissa palamalla.. oyalata gdk sthuthiy,, hemadamath math ekkama inna..

Post a Comment



Powered by Blogger.