Thursday, March 25, 2010

"කඳුල"

සිනහව අතර තුර හැමදාම
මට උරුම වූ
ඔබට කිසිදින මා නොදුන්
නමුත් ඔබ මට නොඅඩුව
ලබා දුන්
"කඳුල"
ඔබේ නෙතටත් ගලා ඒවි
කවදා හෝ දිනයක,,
එදාට ඔබටත් දැනේවි
ඔබ බිඳක් වත් නොසිතන
කඳුලක වටිනාකම,
ඔබ සිහිනයෙන් වත් නොපතන
ඒ කඳුලේ වේදනාව,
කොතරම් දැයි කියා...

6 Comments:

  1. චමිදේවා said...
    දුකක් ඉතිරි කරලා ජීවිතේම උදුරගෙන ගියත් කමක් නැ ඒ නෙත්ඟට කඳුලක් එන්න එපා කියලා පතමු...එහෙම නේද හොඳ....
    උපේක්ෂා... said...
    @චමිදේවා: හැමදාම එහෙම හිතනවා..ඒත් ඒ නෙතටත් කඳුලක් ආ දවසට තේරුම් යාවි කඳුලු කොච්චර වටිනවද කියලා..
    Dasun Wanaguru said...
    සිනහවක වටිනාකම නොදන්න හදවත් කදුලු වල වටිනාමත අදුනන්නෙ නැහැ.නැත්නම් මේ තරම් වේදනා දෙන්නෙත් නැහැ....
    Raven said...
    සමහර අයට ඒ දේවල් විඳින්නම ඕනෙ තේරුම් ගන්න. නැතිනම් තව කෙනෙක්ගෙ තත්ත්වයක් තේරුම් ගන්න බැහැ ඒ අයට.
    උපේක්ෂා... said...
    @දසුන් & Raven අයියා: ඔව් ඇත්තම තමයි..
    ~ChAnDiKa~ said...
    මහා දුක් වේදනාවන්, පොදියක් සේ කැටිකොට අසුරන ලද ලොවේ අනගිතම සොයා ගැනීම, කදුලු බින්දුව.....

Post a Comment



Powered by Blogger.