Friday, April 23, 2010
මා ද මිනිසත් බව යැයි කියා
මිරිගුවකට රැවටුනෙමි..
ඒ මිරිගුව ඔබය...
ඔබ සමාජය ඉදිරියේ ධාර්මිකමිනිසකු වුවත් ඔබ බෙහෙවින්
කුරිරු හදවතක් ඇති මිනිසෙකි,
අවසානයේ මා තනි වුනි....
නමුත්,,, ටික කලකට ඉහතදී
නොසිතූ ලෙස මිනිසුන් අතරේ
මිනිසත් කමින් පිරුණු කාරුණික හදවතක්
ඇති ඒ මිනිසා මට මුණගැසුනි..
ඔබ වෙනු වෙන් මා කඳුලු හෙලනා විට
මගේ ළගින් හුන් එකම මිනිසා ඔහුය..
අද මම හදවතින්ම සතුටු වෙමි,
ඒ ඔබව මාගේ මතකයටවත්
නොනැගෙන නිසාවෙනි...
5 Comments:
-
- ~ChAnDiKa~ said...
April 24, 2010 at 11:54 PMජීවිතේ සමහර කාල වලදී අපි ගොඩක් දුක් විදින වෙලාවට සමහර විට අපේ හිත් සනසන්න කවුරැ හරි එනවා. එයා අපේ හිත හදනවා. හරියට දේව දූතයෙක් වගේ... ඒත් අපි විදපු දුක ටිකක් හරි තුනී වෙලා අපි ඒ කෙනා ගැන හොයල බලද්දී එයා නෙපෙනෙන්නම යන්න ගිහිල්ලා... ඒ මොකද එයා හිතනවා එතනින් එහාට එයාට කරන්න දෙයක් නෑ කියලා..... ඒක අපි කාගෙවත් වරදක් නෙමෙයි...- කාංචනා said...
April 30, 2010 at 10:30 AMඅපිට අපේ ජිවිතේ සිදුවන හැම දෙකම මතකය විතරයි ඉතිරි වෙන්නේ- උපේක්ෂා... said...
April 30, 2010 at 5:37 PMඔව් කාංචනා ඒත් ඒ මතකය හිතට වදයක් නම් අපි ඒ මතකයෙන් ඈත් වෙන්න ඕනි,,,- admin said...
August 21, 2010 at 11:25 PMකොහොම උනත් කමක‍්නැහැ දැන් හොදකෙනෙක් ලැබිලනෙ තියෙන්නෙ.- උපේක්ෂා... said...
August 24, 2010 at 9:16 PMඔව් හොඳම කෙනා ලැබුනා
Subscribe to:
Post Comments (Atom)
Powered by Blogger.