Friday, March 12, 2010

කාලය හැමදේම වෙනස් කරලා..

අදත් අපි කතා කළා
එදා වගේම මං ගිරවියෙක්
වගේ කියෙව්වා
ඔයා කලේ මගෙ ඇස් දිහා
බලාගෙන ඉඳපු එක විතරයි,
අපි සමුගනිද්දි අදත්
ඔයා මගේ හිස අත ගාලා කිව්වා
පරිස්මින් ඉන්න කියලා
මගෙ ඇස් ඉබේම පියැවුනේ
මට එදා වගේම ඔයාගෙ
ආදරේ දැනුන නිසා,,
මම ඇස් ඇරලා බලද්දී
ඔයා යන්නත් ගිහින්,,
කාලය හැමදේම වෙනස් කරලා
අපි දෙන්නට අන්තිමට
ඉතුරු වුනේ අපේ යාලුකම
විතරයි.....

7 Comments:

  1. said...
    යාළුකම හරි ඉතුරු උනානේ
    Anonymous said...
    දුක් වෙන්න එපා අක්කෙ... සමහරු අපේ ජීවිත වලින් අයින් වෙන්නෙ නොකරම බැරි නිසා වෙන්න ඇති. අපි මොනවා කරන්නද?
    පිස්සා පලාමල්ල said...
    ආදරය කරපු දෙන්නෙක්ට යාලුවො විදියට ඉන්න පුලුවන්ද ????
    Anonymous said...
    Oka thami adare hati
    උපේක්ෂා... said...
    @පිස්සා පලාමල්ල:ආදරේ කරපු අයට තවත් කාගේ හරි යහපතක් වෙනුවෙන් ඒ ආදරේ යාලුකමකට විතරක් සීමා කරන්න වෙනවා නම්
    මොනවා කරන්නද?වෙන් වෙලා දුක් විඳිනවට වඞා හැමදාම ළගින් ඉන්න පුලුවන් යාලුකම හොඳයි,,
    Anonymous said...
    ‍එහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන් කියලද ඔයා හිතන්නේ? එක්කෝ එයා චපල කෙනෙක් වෙන්න ඇති. නැත්තං මෙච්චර ඔයා ආදරේ කරද්දි ඔයාව දාලා යයිද? පිරිමි ජාතිය ඔහොමම තමයි...
    උපේක්ෂා... said...
    @ Anonymous.එයා මාව අදටත් පරිස්සමෙන් බලාගන්නවා.. ඉතින් එයා චපලද?

Post a Comment



Powered by Blogger.