Thursday, March 18, 2010

අහස හුගක් අසරණයි...

අහසේ පායන්නේ එක සඳයි
තරු කොච්චර තිබුනත්
අහස ආදරේ කරන්නේ ඒ සඳට
අහස ලස්සන වුනෙත් සඳ නිසයි..
ඒත් අහසෙ හිරුත් ඉන්නවා,
සඳ හිරුට වඞා හුගක් අහිංසකයි..
අනේ.අහස හුගක් අසරණයි
සඳට තියෙන ආදරේ නිසාම
අහස හිරුටත් පායන්න ඉඞදෙනවා
ඒ අහස එහෙම නොකලොත්
අහසට සඳ හැමදාටම

අහිමි වෙන නිසා,,,

3 Comments:

  1. Raven said...
    සඳ හිරු හඅහස උපමා කරල සංවේදී අදහසක් ගෙත්තම් කරල තියනවා. ජීවිතේ සමහර දේවල් ලබා ගන්න තවත් සමහර දේවල් කැප කරන්න, අත් හරින්න වෙනවා.
    ඔබට ජය.
    උපේක්ෂා... said...
    @ Raven. හුගක් ස්තූතියි..ඔව් ආදරේ කරන අයගේ සතුට වෙනුවෙන් අපිට අපේ දුක ඉවසන්න වෙනවා..
    Anonymous said...
    කමෙන්ට් දැම්මෙ නැති වුනාට අපි කියවනවා.. දිගටම ලියන්න...

Post a Comment



Powered by Blogger.