Monday, October 11, 2010

ඔබ නිදහස් සමනළයෙකි..

ඔබ නිදහස් සමනළයෙකි දසත ඉගිලෙනා
මලින් මලට ඉගිලී ගොස් දඟ කම් පානා
මා රෝස මලකි ඔබගේ මල් ගොමුවේ සිටිනා
සෑම මලකටම වැඩියෙන් ඔබ ගැන සිතනා...

මලින් මලට ඉගිලී ගොස් දොඩමළු වෙයි ඔබ
එවිට දුකක් දැනුනත් මට එය නොදනියි ඔබ
මා කෙතරම් හැඞුවත් මා දෙස නොබලයි ඔබ
මේ තරම්ම නපුරු වුනේ කෙලෙසකදෝ ඔබ...


ඔබ මෙන් පියඹා යාමට මම තටු නොමලදිමි
ඔබ යන මග කෙටි බව මා හොඳහැටි දනිමි
තටු හකුලා මා වෙත එන බව මම දනිමි
එදින එන තුරා මා නම් අතැඟිලි ගණිමි...

3 Comments:

  1. Rangana said...
    ඔයාගෙ අදහස් මාර ලස්සනයි Dear ..............
    දෙව්මාල් said...
    Nice
    උපේක්ෂා... said...
    @ Rangana & Dew: බොහෝම ස්තූතියි යහළුවනේ.

Post a Comment



Powered by Blogger.