Monday, October 11, 2010
මලින් මලට ඉගිලී ගොස් දඟ කම් පානා
මා රෝස මලකි ඔබගේ මල් ගොමුවේ සිටිනා
සෑම මලකටම වැඩියෙන් ඔබ ගැන සිතනා...
මලින් මලට ඉගිලී ගොස් දොඩමළු වෙයි ඔබ
එවිට දුකක් දැනුනත් මට එය නොදනියි ඔබ
මා කෙතරම් හැඞුවත් මා දෙස නොබලයි ඔබ
මේ තරම්ම නපුරු වුනේ කෙලෙසකදෝ ඔබ...
ඔබ මෙන් පියඹා යාමට මම තටු නොමලදිමි
ඔබ යන මග කෙටි බව මා හොඳහැටි දනිමි
තටු හකුලා මා වෙත එන බව මම දනිමි
එදින එන තුරා මා නම් අතැඟිලි ගණිමි...
3 Comments:
-
- Rangana said...
October 11, 2010 9:35 PMඔයාගෙ අදහස් මාර ලස්සනයි Dear ..............- dewmal said...
October 11, 2010 11:53 PMNice- Upeksha said...
October 14, 2010 1:54 PM@ Rangana & Dew: බොහෝම ස්තූතියි යහළුවනේ.
Subscribe to:
Post Comments (Atom)
Powered by Blogger.


