Friday, July 15, 2011

කවි කොතරම් ලිව්වද නුඹ වෙනුවෙන් මං
මගේ දෙනෙත් හැඞෙව්වාද නුඹ කෙතරම්
නුඹ අසරණ වූ විට ළඟ හිටියෙත් මං
ඒ හින්දද ඉවත ගියේ නුඹ මවෙතින්...

නුඹේ සතුට ඇය නම් පවසන්නට තිබුනා
තනිකර යන්න දුක නම් මගහරින්න තිබුනා
නුඹ චපලයි මගෙ ජීවිතේ විහිළුවකට ගත්තා
සත්තකින්ම නුඹ ප්‍රේමය මට එපා කෙරෙව්වා...

Tuesday, May 17, 2011


අද වෙසක් පොහොය.. 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය..අද වගේ පිං වන්ත දවසක මගේ සුදු අම්මාගේ උපන් දිනේ යෙදුන එක ගැන මට හරිම සතුටුයි..

අයියලා දෙන්නා නම් ඊයේ රෑම අම්මට සුභ පැතුවා,එයාලා ඉතින් අම්මා ළඟ නැති නිසා අම්මා ට දුක හිතෙන්න ඇති..
අම්මේ මට අම්මා මගේ ජීවිතේට දුන් දේවල් ගැන කියලා නිම කරන්න බෑ.. අද මේ වෙසක් පෝය දවසේ මගේ අම්මා නිවන් දකින තුරු හැම භවයකම මගේම අම්මා වී ඉපදේවායි මම පතමි..



ජීවය දුන්නේ ඔබම තමයි
ශක්තිය වූයේ ඔබ පමණයි                 
ජීවිතයේ මා ලද නොවෙනස්
සෙනෙහස ලැබුවේ අම්මේ
ඔබගෙන්මයි.........
සෙවනැල්ලක් මෙන් ළඟ හිඳිමින්
මා හඞනා විට ඔබ හඞමින්
මා හිනැහෙන විට ඒ දැක අම්මේ
සැනසුනේ සිතින්
ඔබ පමණයි...........
සෙනෙහෙ ගඟුල ඔබගේ අම්මේ
කිසිදිනයක නෑ නිම වන්නේ,
අම්මේ මතු ඔබ නිවන් දකින තුරු
සෙනෙහස ඉල්ලා මම එන්නම්...
ඔබ ළඟටම වී මම ඉන්නම්......!

Monday, February 28, 2011

ඔබේ දෑසම අන්ධ වූවොත්
මගේ දෙනෙතින් ඇසක් දෙන්නම්
අපේ ආදරයේ නමින්..
එහෙම දීලා
එක ඇසින් විතරක්
ලෝකය දිහා මං බලන්නම්..

Saturday, February 19, 2011

ඔබේ ආදරයත්
බෝ මළුව කෙලවර දිලෙන

මැටි පහන් වැට වගෙයි...
මගේ අසරණ,අහිංසක
හිත පුරා විහිදුන පිවිතුරු
ආලෝකය ඔබේ ආදරයයි...
ඉතින්,
බෝ මළුවේ දිලෙන
පහන් වැටිය කවදා හෝ නිවී යනවා
මෙන්ම
ඔබේ ආදරයත් දෛවයේ
කුණාටුවකින් කවදා හෝ නිවී යාවිද????

;;
Powered by Blogger.