Monday, March 22, 2010

මගේ පුංචි සමනලී

මගේ පුංචි සමනලී
මා තනිකර යන්න ගිහින්
මගේ සමනලී..

ඔබගේ තනියට නිරතුරු
ඔබ ළග ඉන්නම් යැයි
පැවසූ නුඹ අද මා
හැරදමා ගිහින්..

මට නුඹ පෙම් කරපු තරම
හදුනා සිටියෙමි මං
සමාවෙන්න සමනලියේ
පමා වුනා මං
නුඹට ආදරේ කියන්න
පමා වුනා මං...

නැත කිසිදින අප කවුරුත්
මෙලෙසින් පැතුවේ
කිමද සමනලියෙ නුඹ
දෙව් ලොවට පියැඹුවේ..
කිමද සමනලියේ නුඹ
මා මෙලෙස හැඞෙව්වේ..

9 Comments:

  1. Buddhi said...
    දැං ඔයාට මොකද්ද වෙලා තියෙන්නෙ? මට තේරෙන්නැ?
    උපේක්ෂා... said...
    @ buddhi: මට නෙමෙයි.. මේ මගේ හිතේ ඇතිවුන සිතුවිල්ලක්,
    තමන්ට ආදරේ කරන කෙනා ජීවිතයෙන් සමුගන්න තුරුම ආදරෙයි කියලා කියන්න බැරි වුන කෙනෙක් ගේ සිතේ ඇති වෙන දේ මට දැනෙන විදිහටයි මම ලිව්වේ..
    චමිදේවා said...
    ලස්සනයි වරුනි....
    ~ChAnDiKa~ said...
    හරිම දුක්බර අදහසක්..... ඉතින් ඇයි ඒ සමනලයට එහෙම යන්න උනේ.... සමහර විට ඒ සමනලයගෙ මොකක්හරි අසරණ කමක් ඇති...
    උපේක්ෂා... said...
    @ චමිදේවා: හුගක් ස්තූතියි
    උපේක්ෂා... said...
    @ Gehan:ඔව් සමනලයා අසරණයි..සමනලී ජීවිතයෙන් සමුගන්න තුරුම සමනලයගෙ හිතේ තියෙන දේ කියන්න බැරි වුනා..ඒත් සමනලයා සමනලී ළගට එද්දි සමනලී මරණයත් එක්ක යන්න ගිහින්..
    දුක් විඳින පුංචි සමනලීටත් වෙන්නේ ඔය දේමයි..
    බංඩා said...
    ඔය කියන්නෙ අර බ්ලොග් ලියන 'සමනලී' ගැනද?
    උපේක්ෂා... said...
    @වක්කඞ: නෑ අයියෝ..මේ එයා නෙමෙයි.. මේ මගෙ හිතේ ඇතිවුන සිතුවිල්ලක් විතරයි,,
    Anonymous said...
    ම්....!!!! කවුද මේ සමනලී???? ඔන්න පුංචි සමනලීත් ආවා මේ කියන සමනලීගේ විපත්තිය ගැන බලන්න....
    ලස්සන පබැඳුමක්.....!

Post a Comment



Powered by Blogger.