Tuesday, May 17, 2011

සුභ උපන් දිනක් අම්මේ..


අද වෙසක් පොහොය.. 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය..අද වගේ පිං වන්ත දවසක මගේ සුදු අම්මාගේ උපන් දිනේ යෙදුන එක ගැන මට හරිම සතුටුයි..

අයියලා දෙන්නා නම් ඊයේ රෑම අම්මට සුභ පැතුවා,එයාලා ඉතින් අම්මා ළඟ නැති නිසා අම්මා ට දුක හිතෙන්න ඇති..
අම්මේ මට අම්මා මගේ ජීවිතේට දුන් දේවල් ගැන කියලා නිම කරන්න බෑ.. අද මේ වෙසක් පෝය දවසේ මගේ අම්මා නිවන් දකින තුරු හැම භවයකම මගේම අම්මා වී ඉපදේවායි මම පතමි..



ජීවය දුන්නේ ඔබම තමයි
ශක්තිය වූයේ ඔබ පමණයි                 
ජීවිතයේ මා ලද නොවෙනස්
සෙනෙහස ලැබුවේ අම්මේ
ඔබගෙන්මයි.........
සෙවනැල්ලක් මෙන් ළඟ හිඳිමින්
මා හඞනා විට ඔබ හඞමින්
මා හිනැහෙන විට ඒ දැක අම්මේ
සැනසුනේ සිතින්
ඔබ පමණයි...........
සෙනෙහෙ ගඟුල ඔබගේ අම්මේ
කිසිදිනයක නෑ නිම වන්නේ,
අම්මේ මතු ඔබ නිවන් දකින තුරු
සෙනෙහස ඉල්ලා මම එන්නම්...
ඔබ ළඟටම වී මම ඉන්නම්......!

0 Comments:

Post a Comment



Powered by Blogger.